ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා

යහපාලනය රටක සමාජ ආර්ථීක සංවර්ධනයට ඉතා වැදගත් – ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම්
යහපාලනය ක්‍රියාත්මක නොමැති රටක සමාජ, ආර්ථීක ප්‍රශ්න ඇතිවන බවත් නීතිය හා සාමය බිඳිවැටී මානව හිමිකම් උල්ලංගනය වන බවත්, සමාජ අසාධාරණය ඇතිවන බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩබලන දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

යහපාලනය ඇතිකරලීමේදී අල්ලස සහ දූෂණය සමාජයෙන් අවම කළ යුතුයැයිද එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය අර්ථවත් කළ යුතු යැයිද බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කලේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනය විසින් සකස් කරන ලද ප්‍රාදේශිය යහපාලනය පිළිබඳ අත්පොත එළිදැක්වීම සඳහා ගාල්ල දිස්ත්‍රික්තයේ යක්කලමුල්ල ප්‍රාදේශිය සභා ශ්‍රවනාගාරයේදී පැවැති උත්සවයකදීය.

එම උත්සවය සඳහා සබරගමුව පළාත් සභාවේ හිටපු ලේකම් පියතිස්ස රණසිංහ මහතා, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතා, යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති චන්දිම ලියනගේ මහතා ඇතුලූ ප්‍රාදේශිය සභා මංත්‍රිවරුන් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඇතුලූ විශාල පිරිසත් සහභාගී වූහ.

මෙම උත්සවයේදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනයේ ෙජ්්‍යෂ්ඨ කළමණාකරු ශාන් විෙජ්තුංග මහතා විසින් ප්‍රාදේශිය යහපාලනය පිළිබඳ අත්පොත වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුලූ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට පිළිගන්වන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල හරිස්චන්ද්‍ර මහතා පුද්ගලකු දූෂණය තුළින්ම ජීවත් නොවන බවත් අල්ලස් ගන්නා පුද්ගලයකුගේ එකම ආදායම් මාර්ගය අල්ලස නොවන බවත් සඳහන් කලේය. එබැවින් එවැනි පුද්ගලයින් යහමගට ගැනීම සඳහා විසඳුම් පවතින බවද හෙතෙම කීය.

සුපිළිපන් රාජ්‍යයක් යනු සාහිත්‍යයේ සඳහන් කේතුමතී රාජ්‍යය බවත් එය සිහින රාජ්‍යයක් ලෙස කෙනෙකුට අර්ථ ගැන්විය හැකි නමුත් අල්ලස සහ දූෂණය අවම කළ රටවල් ලෝකයේ පවතින බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වසරක් පාසා නිකුත් කරනු ලබන ලෝක දූෂණ සංජානන දර්ශකයට අනුව ඉතා ඉහළ ශ්‍රේණිගත කිරීම් වල සිටින පින්ලන්තය, ඩෙන්මාර්කය, නවසීලන්තය වැනි රටවල් එැවැනි සිහින රාජ්‍යයන් බවත් හෙතෙම සඳහන් කලේය. ර්‍ණමෑතකදී එක්තරා පුවත්පතක මා දුටුවා එක් අමාත්‍යවරයකු ඔහුගේ සංචාරය නිමවා ඇවිත් ඔහු රැගෙන ගියෙ මුදල් සියල්ල ආපසු පාර්ලිමේන්තුවට බාරදී ඇති බව. ඔහු ප්‍රකාශ කර තිබුනා තමන් විදේශගතව සිටියදී තම හිතවතුන් හා ඥාතීන් තමන්ට විය පැහැදම් කළ බවත් එනිසා ඇමතිවරයකු ලෙස තමන්ගේ වියදමට රජයෙන් ලබාදුන් මුදල් වැය නොවු බවත්. මෙය ඉතාම හොඳ ආදර්ශමත් ක්‍රියාවක්. මේ ඇමතිවරයා තමයි වාසුදේව නානායක්කාර. එහෙත් ඔහුගේ එම විස්තර පලකරලා තිබුනේ පත්තරයේ තුන්වැනි පිටුවේ”. හෙතෙම සඳහන් කළේය.

පුරවැසියන් ලෙස මෙවැනි පුද්ගයින්ගෙන් ඉටු කෙරෙන වගකීම ඉතා සුභවාදීව වාර්තා කළ යුතුයැයි කී ඒ මහතා එවන් තොරතුරු යහපාලනය සහතික කරලීම සඳහා වන ක්‍රියාවලියට ඉතා ප්‍රයෝජනවත් වන බවත් පැවසීය.

මෙහිද අදහස් දැක්වූ දකුණු පළාත් සභා මංත්‍රි සිසිර කුමාර මහතා ප්‍රාදේශිය පරිපාලනය තුල යහපාලනය ඇති කිරීමේ ක්‍රිියාවලියට පුර්ණ සහයෝගය දක්වන බව කීය. එම අදහස් අනුමත කළ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති චමින්ද ලියනගේ මහතාද ට්‍රාන්ස්පේන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනයේ ප්‍රයත්නයට පූර්ණ සහය ලබාදෙන බව සඳහන් කළේය.

ප්‍රාදේශිය යහපාලනය පිළිබඳ අත්පොත එළි දැක්වේ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සකස්කරන ලද ප්‍රාදේශිය යහ පාලනය පිළිබඳව අත්පොත එළිදැක්වීම ජනවාරි මස 12 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9 ට යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම අත්පොත එළි දැක්වීමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩබලන දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් චන්දිම මුහන්දිරම්, අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අනුර ප්‍රදීප්, යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දිම ලියනගේ සහ නියාගම ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසාද් වීරක්කොඩි යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.

එදිනෙදා සාමාන්‍ය ජනජීවිතයට ඉතාමත් සමීපවූ සහ අත්‍යාවශ්‍ය වූ සේවාවන් රාශියක් ලබාදීම සඳහා සැකසුනු පාලන පද්ධතියක් ලෙස පළාත් පාලන ආයතන හඳුන්වාදිය හැකියි. මෙම ජනතා අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මහජනයා විසින් තෝරාපත් කරගනු ලබන මහජන නියෝජිතයින්ගෙන් හා ඔවුන්ට පරිපාලනමය වශයෙන් සහයෝගය දක්වන්නාවූ නිලධාරීන්ගෙන් ප්‍රාදේශිිය සභාව සමන්විතවේ. කෙසේ වෙතත් වර්තමානයේදී ප්‍රාදේශිය සභාවන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මහජනතාව තුල යම් අප්‍රසාදයක් මතුවී තිඛෙනු නිරීකෂණය කළ හැකිවේ. එම තත්ත්වය අවම කරළීම සඳහා ප්‍රාදේශීය සභාව ගතයුතු පියවර පිළිබඳව කරුණු මෙම අත්පොතට ඇතුළත්ය.

ආදර්ශමත් පළාත් පාලන ආයතනයක පැවැතිය යුතු මූලික ගුණාංගයන් හා ප්‍රාදෙAශිය සභා මන්ත්‍රිවරුන් කාර්යය මණ්ඩලය සතු වගකීම් හා කාර්යයභාරයන් හඳුන්වාදෙමින් ප්‍රාදේශිිය සභා කටයුතු වලදී මහජනතාවගේ පූර්ණ සහභාගිත්වය ලබාගැනීම මගින් ප්‍රාදේශය සභාව කාර්යක්ෂම ඵලදායී ආයතනයක් බවට පත්කිරීම සඳහා ගතයුතු ප්‍රායෝගික පියවර මෙහි අඩංගුවී ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන සහ ජනතාව අතර සමීප සම්බන්ධයෙක් ගොඩනැගීමට හා ඒවා වඩාත් මහජන හිතකාමී ආයතන බවට පත්කිරීම සඳහා ගනු ලැබූ වැදගත් පියවරක් ලෙස ප්‍රාදේශිය යහපාලන අත්පොත හඳුන්වා දිය හැකිය.

මෙම අත්පොත භාගත කරගන්න

පාලනයේ ජනතා වගකීම
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී දිනය සමරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සංවිධානය කළ ජාතික සුපිළිපන් ප්‍රණාම – 2011 උළෙලේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගීවෙමින් ජයන්ත ධනපාල මහතා පැවැත්වූ කතාව.

එක්සත්් ජාතීන්ගේ දූෂණ විරෝධී දිනය සමරමින් පැවැත්වෙන ජාතික සුපිළිපන් ප්‍රණාම උළෙල වැනි වැදගත් අවස්ථාවකට මට ආරාධනා කිරීම ගැන මුලින්ම මගේ ස්තුතිය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වෙත පිරිනමමි.

1993 දී බර්ලින් නුවරදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පිහිටුවා ගනිමින් ආචාර්ය පීටර් අයිගන් ඇරඹුවේ දිගු ගමනක්. එයින් ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් බොහොමයක සිවිල් සමාජයට බලයක් ලැබීමට ඉමහත් රුකුලක් ලැබු‚. ශ්‍රී ලංකාව දෙස බැලුවිට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සතු ධෛර්යය සහ කැපවීම මනාව කැපීපෙනෙයි. එම ආයතනය පසුගියÞ පළකල 2010 යහපාලන වාර්තාව සහ ජාතික සුපිළිපන් දර්ශකයZ කවුරුත් කියවිය යුතු ප්‍රකාශන දෙකක්. සිවිල් සමාජයට අයත් සීමිත ඉඩකඩ මධ්‍යයේ වුවද රජයේ නොවන සංවිධානයකට ඵලÞයී ක්‍රියාවලියකට එළඹිය හැකි ආකාරය පිළිබඳව එය කදිම නිදසුනක්. මා සිත්ගත් එක් උÞහරණයක් ගෙන හැර දක්වන්නම්. ජාතික සුපිළිපන් දර්ශකය ට සිවිල් සමාජ සංවිධාන පවා ඇතුලත්. දර්ශක 31 ක් ලබමින් ඒවා තවත් කුලූණු 12 ක් සමග සම සමව සිටින අතර විධායකය (36), විගණකාධිපති (35), සහ මැතිිවරණ කොමිසම (33) ට වඩා අඩු ය. සිවිල් සමාජ සංවිධාන ද ඇතුලූව සියල්ලකම අපේ රටේ සුපිළිපන්භාවය වැඩිදියුණුවිය යුතු බව ඉතා පැහැදිලිව පෙනේ.

දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ද එක්සත් ජාතීන් පෞද්ගලික අංශය සමග ව්‍යාපාර සම්බන්ධව ඇතිකරගෙන තිඛෙන ග්ලෝබල් කම්පැක්ට් නමි හැඳින්වෙන සම්මුතිය ද විනිවිදභාවයේ සහ වගවීමේ අවශ්‍යතාවය හුවා දක්වා ඇත. ලෝක බැංකු ආයතනය නමින් හැඳින්වෙන එහි පර්යේෂණ අංශය විසින් 2004 වසරේදී කරන ලද සමීක්ෂණයක් අනුව ලොව පුරා අල්ලස් වශයෙන් වසරකට අමෙරිකන් ඩොලර් දස දහස් ප්‍රකෝටියක් (ටි්‍රලියන් එකක්) වැය කරන බව අනාවරණය විය. වෙනත් අයුරකින් කීවොත් එතරම් ප්‍රමාණයක්් අවුරුදු පතා ලෝකවාසීන්ගෙන් සොරකම් කෙරේ. විශාල ධනවාදී බලකොටු ලෙස සැලකෙන ආයතන විසින් සිදුකෙරන මහා පරිමාණයේ අල්ලස් හා දූෂණ පිළිබඳව අප අසා ඇත. එහෙත් මෙය අප රට ද ඇතුලූව මුලූ ලොව පුරා සිදුවන්නකි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ 2011 දූෂණ දර්ශකය අනුව ලකුණු 3.3 ක් ලබාගෙන ශ්‍රී ලංකාව 86 වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත. 10 (ඉතා පිරිසිදු) සිට 0 (ඛෙහෙවින් දූෂිත) දක්වා පරිමාණයක් යටතේ දර්ශකයට යටත්වූ රටවල් 183 කින් තුනෙන් දෙකක් ලබාගත්තේ ලකුණු පහකට අඩු ප්‍රමාණයකි. දූෂණය ලෝකයේ කොතරම් ප්‍රචලිතව ඇද්දැයි එයින් කදිමට පැහැදිලි වෙයි. දර්ශකයේ ඉහළින්ම සිටින්නේ නවසීලන්තයි. ෆින්ලන්තය සහ ඩෙන්මාර්කය එ අසලින්ම සිටින අතර ලකුණු අඩුම ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ සෝමාලියාව සහ උතුරු කොරියාවයි. ඊට ඉහළින් ඇත්තේ මියන්මාර් සහ ඇෆ්ගනිස්තානය (1.4) ත් ඉරාකය (1.5) ත් ය. විශේෂ ලක්ෂණයකට ඇත්තේ දකුණු ආසියානු රටවලින් භූතානය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටීමයි.

යහපාලනය පිළිබඳ සිවිල් සමාජයේ වගකීම දූෂණය මැඩලීම සහ අයථා ක්‍රියාවන් ගැන හ~ නැගීම වැනි කරුණු වලට සීමා නොවේ. එය ඊට වඩා පුලූල් මට්ටමින් සලකා පාලනයේ දක්නට ඇති අයුතු ප්‍රයෝජන ගැනීම පිළිබඳව සිවිල් සමාජයේ අවධානය යොමුවිය යුතුය. මේ වසර තුළ ලෝකයේ ඇතිවූ සිද්ධීන් දෙස බලන විට එවායින් ශ්‍රී ලංකාවට ද බලපෑම් ඇති නොවනු ඇතැයි සිතිිය නොහැක. අරාබිකරයේ සිට ඉන්දියාවේ අන්නා හසාරේ දක්වාත්, ලෝක ප්‍රකට අමෙරිකාවේ වෝල් ස්ටී්‍රටි කොටස් වෙළඳපොලට විරුද්ධව නැගී ඇති විරෝධයත් දෙස බලන විට පෙනී යන්නේ ධනවත් සහ බලවත් පාර්ශවයන් දෙසට බරවූ ලෝකයකට එරෙහිව ජනතාවගේ උද්ඝෝෂණය වඩ වඩාත් ආක්‍රම‚ක ස්වභාවයක් ගන්නා බවයි. මෙය තවත් පැතිරී යාවිද, එය දරාගතහැකි වේද?

අතීතයේදී අපි විප්ලවයන් දුටුවෙමු. එවායේදී ජනතාව පාලකයින්ට විරුද්ධව නැගී සිටියද ඉන්පසු පැමි‚ නව පාලකයෝ් ද කලින් කෙරුණු වැරදි ක්‍රියාවන්ම කිරීමට පටන්ගත්හ. ස්පාඤඤ ජාතික Þර්ශනිකයෙක් සහ කවියකු වන ජෝජ් සන්තායන කියන පරිදි අතීතය අමතකවී ඇති අය එ අනුවම ක්‍රියාකිරීමට පෙළඹේ.

උÞහරණයක් ලෙස 1848 වසරේදී සිදුවූ දේ ගැන විමසා බලමු. එවර යුරෝපයේ සහ ලතින් අමෙරිකාවේ රටවල් පනහකට වැඩි ගණනක විප්ලව පැතිරු‚. සමහර රටවල හැප්ස්බර්ග්වරුන් පන්නා දමා ජනතාවගේ දේශානුරාගය ඉස්මතු විය. වෙනත් සිද්ධින් අතර ඉතාලිය සහ ජර්මනිය එක්සත් විය. එ අතර, තවත් අය වැඩවසම් ක්‍රමයට සහ සංවිධානාත්මක ආගමකට බරවූ සාම්ප්‍රÞයික පාලන ක්‍රමයට විරුද්ධව නැගී සිටියහ. ලංකාවේ ද 1848 දී බි්‍රතාන්‍ය යටත්විජිතවාදයට එරෙහිව ඇතිවූ කැරැල්ල මහනුවර සිට කොළඹ දක්වා පැතිරී ගියේය. අපේ විශිෂට ඉතිහාසඥයා වන මහාචාර්ය කිංස්ලි ද සිල්වා මෙම ක්‍රියාවලිය දුටුවේ යුරෝපීය විප්ලවවාදය ශ්‍රී ලංකාවේ සමාජයට හඳුන්වා දීමට තැත්කරන ලද පළමුවන අවසAථාව ලෙස ය. දශක ගණනාවකට පසු ප්‍රජාතන්ත්‍රවාදය එළිදකිමින් ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් ගණනාවක යටත්විජිතවාදය තුරන්විය. දෙවන ලෝක සංග්‍රාමයෙන් දශක දෙකකට පසු යුරෝපයේ තරුණ පිරිස් 1968 දී රටවල් ගණනාවක පෙළපාලි පවත්වමින් මග පාÞදුන් අතර අමෙරිකාවේ වියට්නාම් යුද්ධයට එරෙහි විරෝධය උග්‍ර විය. මේවායේ ප්‍රතිපත්තිමය ප්‍රතිවිපාක දැනුනද එÞ විප්ලවවාදීන් දැන් පවත්නා පාලන ක්‍රියාවලියන්ට එකතුකරගන්නා ලදී.

මේ හැර, මෑත යුගයේදී සීතල යුද්ධයේ අපූර්ව නිමාව දුටුවෙමු. නැගෙනහිර යුරෝපීය රටවල් ගණනාවක් 1989 දී සෝවියට් රාජ්‍යයෙන් මිදී ප්‍රජාතන්ත්‍ර රාජ්‍යයන් ලෙස මතුවූහ.

මේ වසරේ ඇතිවුණු මහජන විරෝධතාවයන්ටත් මේ ඉරණම අත්වේද? අප මුලින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් යටතේත්, එකාධිපති ක්‍රමයන් යටතේත් ජනතා වගකීම් ඉටුකෙරෙන ආකාරයේ වෙනස්කම් දැනගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් යටතේ ජනතාවගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන් සහතික කෙරේ. එමෙන්ම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යයට බැඳීසිටීමට ඔවුන් වෙත යුතුකම් පැවරී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්තනෝමතිකව උල්ලංඝනය කෙරෙන්නේනම් සිය අදහස් කියාපෑම සඳහා ජනතාව විකල්ප මාර්ග සොයායෑම සාධාරණය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයන් යටතේ ජනතාව පාලනයේ කොටස්කරුවන් වනුයේ නිදහසේ ඡන්දය පාවිච්චිකිරීමෙන් පමණක් නොවේ. අවධානයෙන් සිටින සිවිල් සමාජයක් පාලනයේ හවුල්කරුවන් වෙමින් ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන රජය තමන් ඡන්දයේදී ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් ප්‍රතිපත්ති අවංකව ඉටුකරන බවට වගබලාගත යුතුය. විරුද්ධ පාර්ශවයේ පක්ෂ කුමක් කළත් නැතත් මෙය ජනතා වගකීම් ඉටුකිරීමකි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ක්‍රියා විරහිතවූ කාලයන්හිදී මෙය බලාපායි.

ටියුනීසියාවේ සහ මිසරයේ එAකාධිපති පාලනයන්ට එරෙහිව ජනතාව නැගීසිටියේ නිරායාසයෙනි. ටියුනීසියාවේ විප්ලවය ඇරඹුණේ සිඩි බව්සිඩ් නමැති නගරයේ එළවලූ වෙළඳාමේ යෙදී සිටි මොහමඩ් බුආසිසි නමැති තරුණයා ගිනි තබාගෙන සිය ජීවිතය පූජාකිරීමෙන් පසුවය. කයිරෝ නගරයේ තාරිර් චතුරශ්‍රයට තරුණ පෙළපාලිකරුවෝ එක්වූයේ සමාජයීය මාධ්‍ය ලෙස හැඳින්වෙන නවමාදිලියේ මාධ්‍ය යොÞගනිමින් යැවූ ප‚වුඩ මගිනි.

ඉන්දියාවේ අන්නා හසාරේගේ ව්‍යයාමය 2010 දී එරට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වලට වැයකළ අසංවර වියදම් මත කෙරුණු මහා පරිමාණයේ දූෂණ ක්‍රියාවන් සහ 2ඨ නමින් හැඳින්වෙන විදුලි සන්දේශ පද්ධතිය හා සම්බන්ධ දූෂණ මෙන්ම මහජන මුදල් කාබාසිනියා කරමින් වෙනත් විවිධාකාරයේ වංචා පිළිබඳව පොදු ජනයාගෙන්ම පැනනැගුණි. සිවිල් අණ නොපිළිපැදීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක දූෂණයට එරෙහි නීති අඩංගු ලොක්පාල් පනත සම්මත කරන ලෙස ඉල්ලා හසාරේ දියත් කළ උපවාසයට සහයෝගය දැක්වීමටත් ඔහුට කන්දීමටත් ජනතාව රොක්වූහ. මැතිවරණ සංශෝධනය ද ඇතුලත්වන පරිදි දැන් හසාරේ සිය ඉල්ලීම් පුලූල් කොට ඇතත් ඔහුගේ මූලික අවධානය යොමුව ඇත්තේ ලොක්පාල් පනත දියාරු නොකොට සම්මතකර ගැනීමය.

zඇරබ් ස්ප්‍රිංZ නමින් අරාබි රටවල පැතිරී යන විප්ලවය දෙස මුලූ ලොවම බලාසිටින්නේ එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට මුල පිරෙන තුරුය. ටියුනීසියාව සාර්ථක අයුරින් ඡන්දයක් පවත්වා ඇති අතර ඊළඟ බලාපොරොත්තු වන්නේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමය. මිසරයේ තවමත් හමුÞව බලයේ සිටීම නිසා අපැහැදිලි තත්ත්වයක් පවතින අතර නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනතාව සිය වගකීම් නිසි ලෙස ඉටුකරමින් ප්‍රජාතන්ත්‍රවාදය ලබාගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස දෙරටේම සාමාන්‍ය ජනතාවගේ විප්ලවීය ව්‍යාපාරය සාධාරණීකරණය කළ හැකිය. ලිබියාවේ ජනතා විප්ලවයට අරාබි රාජ්‍ය එකමුතුවේ සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහයෝගය ලැබුණද, විශේෂයෙන්ම ගඩාෆි ජීවිතක්ෂයට පත්කළ ආකාරය ඇතුලූව පාලන තන්ත්‍රය වෙනස්වූයේ විවාÞත්මක පරිසරයකය. සිරියාවේ ජනතා විප්ලවයටද අරාබි රාජ්‍ය එකමුතුවේ සහ බටහිර බලවතුන්ගේ සහයෝගය ලැබුණ ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාÞමය පිළිබඳව මෙතෙක් ස්ථීරව යමක් දැනගන්නට නොමැත. ජාත්‍යන්තර සහයෝගයක් නොලැබීම හේතුවෙන් බාරේන් සහ යෙමන් හි එවන් ව්‍යාපාර එතරම් සාර්ථකවී නැත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන ඉන්දියවේ තත්ත්වය එතරම් පැහැදිලි නැත. මහජනයා විසින් පනත කෙටුම්පත් කළ යුතු යැයි අන්නා හසාරේගේ ඉල්ලීම පාර්ලිමේන්තුවේ සිටින ඡන්දයෙන් තේරී පත්වී සිටින මන්ත්‍රීවරුන්ට අභියෝගයකි. තමාට සහයෝ්ගය දක්වන්නවුන් සමග එක්ව පැනවිය යුතු නීති සම්බන්ධයෙන් බලපෑම් කෙරෙන කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට ඔහුට අයිතියක් ඇත. එහෙත් නීතිය සහ සාමය කඩකිරීමට පෙළඹෙන අන්දමින් හා පාර්ලිමේන්තුවේ කටයුතු ඇනහිටවන පරිද්දෙන් උපවාස හා පෙළපාලි පැවැත්වීම ප්‍රශ්න කළ හැකි සහ ප්‍රශ්න කර ඇති ක්‍රියාවලියකි. අරාජකත්වයක් ඇති නොවන බවට වගබලා ගනිමින් සිවිල් සමාජයට කොතරම් දුර යා හැකිද? හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් පනවනු ලැබූ හදිසි තත්ත්වය පිළිබඳව විරෝධතාවයන් පැවතුනද ජයප්‍රකාශ් නාරායනට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකදී කොංග්‍රස් පක්ෂ පරාජය කරමින් zzපූර්ණ විප්ලවයක්ZZඇතිකිරීමට හැකි වූයේ ඊට කලකට පසුවය. මහජන විරෝධයේ බීජ පැලවී ඡන්ද ප්‍රතිඵළයක් ලෙස කලඑළිදැකීමට කල්ගත විය.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවල සිවිල් සමාජය ව්‍යවස්ථානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන් අනුගමනය කරමින් සිය වගකීම් ඉටුකරන අතර තර්ජනාත්මක බියගැන්වීම් අරාජකත්වයක් ඇතිකිරීමට තුඩුදිය හැක. නිව්යෝක් නගරයේ සුකෝටි උද්‍යානයෙන් ඇරඹුණු විරෝධතා ව්‍යාපාරය අමෙරිකාවේ නගර බොහොමයකටත් යුරෝපයටත් පැතිර ගියේ වෝල් ස්ටී්‍රට්හිත් ආයෝජන බැංකු වලත් පවත්නා දූෂණයට එරෙහිවය. සියයට 99ක් රැකීරක්ෂා නොමැතිකම සහ උකසට ගත් ගෙවල් අහිමිවීමත් ඇතුලූ විවිධ ආර්ථීක පීඩාවන්ට ගොදුරුවී සිටියදී වෝල් ස්ටී්‍රට්හි පවත්නා කෑදරකම හේතුවෙන් සියයට එකක් අසාධාරණ ලෙස ධනය උපයන බවට ආවේගී හැඟීමක් පැතිර පවතී. විරෝධකරුවන්ගේ දේශපාලන හිතැඟියාවන් විවිධාකාරය.එමෙන්ම අසම්පූර්ණය. දේශපාලන අරමුණක් ඇතිකරගන්නාතුරු කොපමණ කාලයක් විරෝධතා පවත්වාගෙනයනු ඇද්දැයි පැහැදිලි නැත. ග්‍රීසිය සහ ඉතාලිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී යුරෝපීය රටවල පවත්නා ආර්ථීක අර්බුදයන්ට මුසුවූ දේශපාලන බංකොලොත්බවට මුහුණදීමට ඇති අපහසුතාව හේතුවෙන් යුරෝපීය කලාපයේත් බටහිර ධනවාදී රටවලත් අසීරු තත්ත්වයක් මතුවී තිබේ. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල පුරවැසියන් සහ රජයන් අතර දුරස්තබව වැඩිවෙද්දී මෙම තත්ත්වය කෙසේ හැඩගැසේවිදැයි යන්න දැනට සිතාගත නොහැක.

මෙම ආර්ථීක අර්බුදයෙන් හා එයින් පාලනයට ඇතිවන බලපෑම් වලින් ආසියාවට ගැලවීමට පුලූවන්කමක් නැත. z2050 දී ආසියාව නමින් පළකර ඇති ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රකාශනයක ස`දහන් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

ආසියාව දැනට සිටින්නේ ෙඓතිහාසික සන්ධිස්ථානයකය. මෑතකදී සිට යන මග ඔස්සේම දිගටම ගමන්කළහොත් 2050 වන විට ක්‍රය ශක්ති සාම්‍ය න්‍යාය :ඡමරජය්ිසබට ඡදඇර ඡ්රසඑහ ජ්ඡඡඡ- යටතේ එක පුද්ගල ආÞයම හය ගුණයකින් වැඩිවී අද යුරෝපා රටවල ඇති ප්‍රමාණය කරා ළ`ගාවනු ඇත. එයින් ආසියානුවන් තවත් බිලියන තුනක් සමෘද්ධිමත් වනු ඇත. ගෝලීය දළ දේශීය නිෂ්පාදනය දෙගූණයකින් පමණ වැඩිවී 2050 වන විට සියයට 52 දක්වා ඉහළ ගොස් ආර්ථීක වර්ධනය අතින් කාර්මික විප්ලවයට පෙර මීට වසර 300 කට පමණ ඉහතදී ආසියාව ඉසිලු ප්‍රමුථස්ථානය කරා යළි ළඟාවිය හැකිය. මෙතෙක් සටහන් කෙරුණෙ සුභවාදී කරුණු ය. අනතුරු ඇඟවීම ඉන් අනතුරුවය. මෙම සුන්දර ප්‍රතිඵල ලබාගැනීම සඳහා ආසියානු නායකයින්ට මුහුණපෑමට සිදුවන විවිධ අවÞනම් තත්ත්වයන් සහ අභියෝග මනාව පාලනය කරගත යුතුවේ. විශේෂයෙන්ම එවන් අවස්ථා කීපයක් වෙයි:

• රටවල් අතර වැඩිවෙමින් පවත්නා අසමානත්වය හේතුකොටගෙන සමාජයීය එකාබද්ධතාවය හා ස්ථීරත්වයට හානි සිදුවිය හැකිය.

• දේශීය මට්ටමින් විවිධ ආර්ථීක, සමාජයීය සහ දේශපාලන හේතූන් උඩ සමහර රටවල් මධ්‍ය ආදායම් උගුලට අසුවීමට පුලූවන.

• ආසියානුවන්ගේ පොහොසත්කම වැඩිවූවිට වඩාත් උසස් මට්ට්මක ජීවන රටාවකට අපේක්ෂාවන් වැඩෙද්දී සීමිත ස්වාභාවික සම්පත් සඳහා තියුණු තරගයක් පවතිනු ඇත.

• එ එ රටවල් අතර ආයම් පිළිබඳ වෙනස්කම් වැඩිවීම කලාපයේ ස්ථාවරභාවයට බලපානු ඇත.

• ගෝලීය උෂ්ණත්වය සහ කාලගුණ වෙනස්කම් හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනයටත්, වෙරළබඩ ජනතාවටත්, විවිධ ප්‍රධාන නගරබද ප්‍රදේශ වලටත් යම් යම් බලපෑම් ඇතිවිය හැකිය.

• සියලූ රටවලම පාහේ පාලනයේ දුර්වලතාව සහ දුර්වල ආයතනික ධාරිතාව ඇතිවීමට පුලූවන.

zzමෙම අභියෝග තනිව එක් රටකට සීමාවූවන් නොවේ. එවා එකිනෙකට බලපෑමට පුලූවන. එවායින් දැනට පවත්නා ආතතිය සහ ගැටීම් වැඩිවීමට පුලුවන. එමෙන්ම ආසියාවේ වර්ධනය, ස්ථාවරභාවය සහ ආරක්ෂාවට ද තර්ජන එල්ලකෙරෙන බලපෑම් ඇතිවිය හැක.

ගෝලීය මට්ටමින් දේශපාලන සහ ආර්ථීක බලය ආසියාව වෙත නොනැවතී ඇදෙන බව අප දන්නා නමුත් ශ්‍රී ලංකාව ඇතුලූ අනෙකුත්් ආසියානු රටවල සමෘද්ධ්භාවය ගැන සහතික කළ නොහැක. අප එල්ටීටියේ කෘෘර ත්‍රස්තවාදය පරදවා යුදමය ජයග්‍රහණයක් ලබාඇතත්, එම ජයග්‍රහණය දේශපාලන විසඳුම්, නිර්ව්‍යාජ සමගිය, ආයෝජන වලට හිතකර පරිසරයක් සහ රාජ්‍ය ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන තෙක් රටේ දේශපාලන ස්ථාවරබව සහ ආර්ථීක සංවර්ධනයක් ඇතිනොවන බව අපි දනිමු. ස්වාධීන අධිකරණයක්, නිදහස් මාධ්‍යයක්, නීතියේ ආධිපත්‍යය, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතක්, මානව හිමිකම් සහ විවිධ නිදහස් සංකල්ප කිසිදු අවහිරයක් නොමැතිව භුක්තිවිඳීම වැනි කාරණා වලට පුනර්ජීවයක් ලබාදිය යුතුය. රහසිගතව කෙටුම්පත් කරනු ලබන පනත් ජාතියේ නාමයෙන් හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ඡන්ද ලබාගනිමින් අනුමතකිරීම යහපාලනය නොවේ. දැන් ඇතිකරන අසතුටුකම පසුවට දේශපාලන විරෝධයක් බවට පත්වනු ඇත.

මීට ටික කලකට පෙර උද්‍යා්ගිමත් සිවිල් සමාජයක් යන මැයෙන් කොළඹදී මා කළ දේශනයකදී සඳහන් කළ යමක් යළි මතකයට නැංවීමට කැමැත්තෙමි. එම දේශනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට ඇති ඉඩකඩ තවදුරටත් ඇහිරී ඇති බව ද අමතක නොකළ යුතුය.

මම මෙසේ කීවෙමි, රට පාලනය කරන පුද්ගලයා ජනතාව සමග සුහදතාවයෙන් පාලනයකිරීමේ සංකල්පය පැර‚ එකක්. විනිවිදබව, සියල්ලන්ට සහභාගීවීමේ හැකියාව සහ යහපාලනය බටහිර ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් හෝ රජයේ නොවන සංවිධානවලින් සොයාගත් එවා නොවේ. බුදුරජාණන්වහන්සේ දෙසූ දස රාජ ධර්මය, චීන අධිරාජයන් දෙව් ලොවින් ලබාගත් වරම, එංගලන්තයේ ටියුඩර්වරුන් අනුගමනය කළ සමබර සංකල්පය සහ Þර්ශනිකයකුවූ ජීන් ජැක් රූසෝගේ සමාජ කොන්ත්‍රාත්තුව ආදී සියල්ලක්ම පාලකයා සහ රටවැසියන් අතර පැවති එකමුතුබව මත ගොඩනැගු‚. බි්‍රතාන්‍ය රජයට ඉන්දියාව දමා යෑමට සිදුවූයේ මහත්මා ගාන්ධි සංවිධානය කළ ජනතාව අණ නොපිලිපැදීමේ ව්‍යාපාරයයි. පිලිපීනයේ ජනතා බලය මාකොස්ගේ පාලනය බිඳහෙලීය. අපි පසුගිය කයිරෝ නුවර තරීර් චතුරශ්‍රයේ සිදුවූ දේ දුටුවෙමු. එ සියල්ලෙන්ම දෙපාර්ශවය අතර සුහදතාවය බිඳවැටුණු විට සිවිල් සමාජය නැගී සිටින ආකාරය පිළිබිඹුවිය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ජනතාව මැතිවරණ අතරතුරදී තමන්ට භාර කාර්යය පැහැර නොහරී. ජනතාවගේ අභිප්‍රායයන් සහ රටේ අභිවෘද්ධිය තේරුම්ගෙන සුදුසු අයුරු ක්‍රියාත්මක කිරීම රජයන්ට පැවරුණු එකාධිකාරියක් නොවේ. රජයන් සිවිල් සමාජය සමග හවුල්ව කටයුතු කිරීම විකල්පයක් නොව අවශ්‍යතාවයකි.

2011 නොවැම්බර් 21 වන zචීනය අමෙරිකාව පරජය කරන්නේ කෙසේද යන මැයෙන් නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ පළවු ලිපියක චීනයේ සිංහුවා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යෑන් සූටොං මෙසේ ලියා තිබු‚: පැර‚ චීන Þර්ශකයකුවූ ෂුන්සි කී පරිදි නායකත්වය තුන් වැදෑරුම් ය. කාරු‚ක බලය, ආධිපත්‍යය සහ කෘෘර එකාධිපති බලය යනුවෙනි. කාරු‚ක බලය තම රටේත් විදේශීය රටවලත් ජනතාවගේ සිත් දිනාගැනීමට සමත්වෙයි. හමුÞ බලය මත රඳාපවත්නා එකාධිපති බලය නිතැතින්ම සතුරන් ඇතිකරයි. ආධිපත්‍යය මේ දෙකට අතරමැදිය. ඔවුන් රටේ ජනතාව හෝ පිටරට මිත්‍ර රටවල් රවටන්නේ නැත. ඔවුනට වංචා නොකරයි. එහෙත් සÞචාරකම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන අතර මිත්‍රයින් නොවන්නවුන්ට විරුද්ධව සාහසික ක්‍රියාවන්ට පෙළඹෙයි. සාමාන්‍යයෙන් Þර්ශනිකයින් එකඟවූයේ ආධිපත්‍යය හෝ එකාධිපති බලය සමග කාරු‚ක බලය ඕනෑම තරගයකදී ජයගන්නා බවයි.

අද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වැඩියෙන්ම දරා සිටිය හැක්කේ කාරු‚ක බලය සහිත පාලන ක්‍රමයකිි. අප රටවැසියාට සහජයෙන්ම ලැබී ඇති ප්‍රව පිළිබඳවත්, රටේ සංවර්ධනය හා මුලූ රටවැසියාගේම පොදු යහපත උදෙසා ඔවුනගේ වගකීම් ඉටුකිරීමට ඔවුන් සතූ ධාරිතාවත් පිළිබඳවත් මා තුළ ඇත්තේ ඉමහත් විශ්වාසයකි. හොඳ නරක දෙක අතර පැහැදිලිවම පවත්නා සÞචාරාත්මක මායිම අප කුඩා කාලයේ ඉගෙනගත් ගුත්තිල කාව්‍යයේ කවියක අපූරුවට සඳහන්වෙයි. මෙය එදිනෙÞ ජීවිතයේ මෙන්ම පාලනයට ද බලපායි.

මෙන්න එA කවියඃ

කොපමණ ගුණ කළත්

දුදනෝ නොවෙති යහපත්

කිරි දියෙන් දෙවියත්

අඟ=රු සුදුවෙන කලක් නම් නැත්

මට සවන් දුන්නාට ඔබ සැමට ස්තුතියි.

ජයන්ත ධනපාල මහතා 1998 සිට 2003 දක්වා නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටුයතු කළ අතර ඊට පෙර අමෙරිකා එක්සත් ජනපදයේ (1995-97) සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (1984-87) ශ්‍රී ලංකා තානාපති තනතුර ඉසිලීය.

විද්‍යාව සහ ගෝලීය කටයුතු පිළිබඳ පග්වොෂ් සම්මේලන යනුවෙන් හැඳින්වෙන නොඛෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ජාත්‍යන්තර සංවිධානයේ 11 වෙනි සභාපති වශයෙන් දැනට කටයුතු කරන එA මහතා, ස්වීඩනයේ ස්ටොක්හෝම් හි අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනය ඇතුලූ විවිධ ජාත්‍යන්තර උපදේශක සංවිධාන කීපයකම සාමාජිකත්වය දරමින් සිටී.

ශ්‍රී ලංකා තානාපති සේවයේ යෙදී සිටියදී ධනපාල මහතා ලන්ඩනය. බේජිං, වොෂිංටන්, නවදිල්ලිය සහ ජිනීවා හි සේවය කළ අතර අන්තර්ජාතික සම්මේලන ගණනාවකට සහභාගි වෙමින් කීපයකම සභාපති තනතුර ද උසුලා ඇත. 1987 සිට 92 දක්වා ඔහු නිරායුධකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කෙළේය.

අන්තර්ජාතික සම්මාන මෙන්ම ගෞරව උපාධි ගණනාවක් ලබා ඇති ඒ මහතා, පොත් පහක් ප්‍රකාශයට පත්කර ඇති අතර අන්තර්ජාතික සඟරා වලට ලිපි ලියා ඇත. විදේශ රටවල් දේශන පැවැත්වීමට ඔහුට නිරන්තරයෙන්ම ආරාධනා කෙරේ. ඔහු සිංහල. ඉංග්‍රීසි, චීන සහ ප්‍රංශ භාෂා කතාකරයි. විවාහයකයකු වන ඔහු දුවෙකු සහ පුතෙකගේ පියෙකි.

” සම්භාෂණ ” මහජන සංවාද මණ්ඩපය
”අද පළාත් පාලන ඡුන්දයත් දේශපාලන පක්‍ෂ අනුව සටන් කරන, අතිවිශාල මුදල් සම්භාරයක් වැයකරන මැතිවරණයක් බවට පත් වී තිබෙනවා. වර්තමානයේ ඡුන්දය කියන්නේ බිස්නස් එකක්.

ලංකාවේ පළාත් පාලන ආයතන වලට ඉතාම වැදගත් ඉතිහාසයක් තිබුණා. 1977 ට පෙර පැවති ගම්සභා ක‍්‍රමය යටතේ ගම්සභාවට පත් වුණේ ගමේ සිටින ඓන්ද්‍රීය නායකයෝයි. ඒ මිනිස්සු එදා ඡුන්දෙ ඉල්ලූවෙ බයිසිකලයෙන් ගිහින්. ගම්වැසියෝ ඔවුන් ඇමතුවේ ”අයියා” . . ”මාමා” නමින.

ප‍්‍ර‍්‍රාදේශීය පරිපාලනයේ ඇත්ත වෙනසක් ඇති කිරීමටනම් අපි නැවත 1970 ගණන්වලට පෙර පැවති ව්‍යවස්ථා සම්පාදනයේ මූලධර්ම මත පදනම් වූ අලූත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ සහාය මහාචාර්ය ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා මෙම අදහස් පළ කළේ සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී පැවති ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ”සම්භාෂණ ” මහජන සංවාද මණ්ඩපයට සහභාගී වෙමිනි. කොළඹ විශ්ව විද්‍යාලයේ ශ‍්‍රීපාලී මණ්ඩපයේ ප‍්‍රධානී ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ සමාජ ක‍්‍රියාකාරිනී ශාන්තනී සචිච්තානන්ද මහත්මියද මෙම සංවාද මණ්ඩපයට සහභාගී වූහ. සංවාදය මෙහෙයවනු ලැබුවේ නීතීඥ ජගත් ලියනාරච්චි මහතා විසිනි. ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනයේ සභාපති එම්.ඞී.ඒ හැරල්ඞ් මහතා ”සම්භාෂණ” සංවාද මණ්ඩපයේ අරමුණ පැහැදිලි කරමින් පැමිණ සිටි පිරිස පිළිගනු ලැබීය.

තමා අදහස් පළ කරන්නේ අද දේශපාලන කතිකාව තුළ පවත්නා ”ආධිපත්‍ය ප‍්‍රවේශය” නැතහොත් යහපාලන රාමුවට පරිභාහිරව බව සඳහන් කරමින් අදහස් දැක්වූ ආචාර්ය ලියනගේ මහතා සඳහන් කළේ 1970 දශකයෙන් පසු නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය යටතේ හඳුන්වා දෙන ලද යහපාලනය, පාරදෘශ්‍යභාවය වැනි කරුණුවල ”සිල්ලර” වැදගත්කමක් පවත්නා නමුත්, 1978 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද නව ව්‍යුහයන් හා ඡුන්ද ක‍්‍රමය වෙනස් නොකොට හොඳ ලිබරල් සමාජයක් ඇති කිරීම කළ නොහැක්කක් බවයි.

”දැන් ලංකාවේ තිබෙන අණපනත් ප‍්‍රමාණය වැඩියි. විශේෂයෙන්ම පළාත් පාලනය සම්බන්ධ 1977ට කලින් පනවන ලද අණපනත් දෙස බැලූවිට අපිට පේනවා ඒවා ඉතා හොඳ බව. ඒවායේ තියෙනවා මූලික සමාජ ප‍්‍රජාත‍්‍රන්තවාදී රාමුවක් ඇතුළත මහජනයා සහභාගි කරගැනීමේ ආකෘතියක්. දැන් අපේ ප‍්‍රශ්නය, මේ අණපනත් මතම සකස්වී තිබෙන සංවිධාන ව්‍යුහය, එහෙමත් නැත්නම් ආයතනික පද්ධතිය ඇයි ද ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් කි‍්‍රයාත්මක වන්නේ කියන එකයි. මේ ඇත්ත ප‍්‍රශ්නයට මුහුණ දෙන්නේ නැතිව, මේ ප‍්‍රශ්නය මෙසේ ඇතිවීමට හේතු සාකච්ඡුා නොකර අපිට මේ අණපනත්වලින් පාරදෘශ්‍ය, වගකියන, වගවන, ¥ෂණයන්ගෙන් තොර, ¥ෂණය අවම කරන සමාජයක්, සමාජ රාමුවක් ඇති කරගන්නට සිතිය නොහැකියිx පසුගිය අවුරුදු 20 -30 තුළ විශේෂයෙන් 1990 න් පසුව අපේ රටේ පමණක් නොවේ මු`ඵ ලෝකෙම දේශපාලන කතිකාව, දේශපාලන සමාජ ආර්ථික කතිකාව සම්පූර්ණයෙන්ම පීලිපනින තත්වයක් ඇති වී තිබෙනවා. 1977 න් පසුව අපේ දේශපාලන ක‍්‍රමයේ ප‍්‍රධාන වෙනස්කම් දෙකක් සිදුවුණා. ඒ දෙකම එකිනෙකට සම්බන්ධයි. එනම් ඡුන්ද ක‍්‍රමය හා එම ක‍්‍රමය යටතේ මැතිවරණ වෙනුවෙන් තරග කිරීමට අතිවිශාල මුදල් සම්භාරයක් අවශ්‍ය වීමයි. මේ සමඟම තමයි ඡුන්දය බිස්නස් එකක් බවට පත්විම සිදුවන්නේ. හොඳම උදාහරණය තමයි මම ටීවී එකෙන් දැක්කා, එක අපේක්‍ෂකයෙක් කියනවා පක්‍ෂ නායකයෙකුට දුන්නලූ රුපියල් මිලියන 500 ක් එක් ජන්දයකට. ඊට පස්සෙ ඡුන්දෙට දුන්නලූ රුපියල් මිලියන 1000 ක්. මම ඒත් හිතුවා මේ කියන්නේ ලක්‍ෂද කියලා. නැහැ. ඒ මිලියන. මම අහන්න කැමතියි මේ රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ගියා ද මේ මනුස්සය ළ`ගට මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා අහන්න. සොයලා බැලූවද මේ මිලියන ගාණ වියදම් කළේ කොහොමද කියලා. කවුරුවත් මේ ප‍්‍රශ්නය අහන්නේ නැහැ. අල්ලස් ¥ෂණ කොමිසම ගියාද මේ ගැන පැමිණිල්ලක් දාන්න. මෙයින් පෙන්නුම් කරන්නේ අපිට මේක ලොකු දෙයක් නොවන බවයි. මොකද එය ඡුන්ද ක‍්‍රමයේම කොටසක්.

පැපරල් සංවිධානය විසින් ස`දහන් කර තිබුණා එක් දිනකදි කොළඹ නගර සභාවට එක් අපේක්ෂකයෙක් විසින් ලක්ෂ 10 ක් ඡුන්දය ස`දහා දවසකට වියදම් කරන බව. දවස් 30 සදහා ලක්ෂ 300යි. මේ විදිහට වියදම් නොකර ඡුන්ද දිනන්න බැහැ. ඒ නිසා කවුරුහරි කියනවා නම් මෙම ව්‍යුහයන්, මෙම ව්‍යවස්ථාව සහ ඡුන්ද ක‍්‍රමය වෙනස් නොකර, දේශපාලන පක්ෂ ක‍්‍රමය වෙනස් නොකර, මේ රටේ හොද ලිබරල් සමාජයක් ඇති කරන්න පු`ඵවන් කියලා එය ඉතාම බරපතල වැරැුද්දක්. දැන් ආණ්ඩුව කියනවා අපිට බලය තිබෙන නිසා වෙන පක්ෂයකට මේක ගියොත් වැඩක් නැහැ කියලා. මේ කතාව සාමාන්‍ය ජනතාවගේ මූලික ප‍්‍රඡුාත‍්‍රන්තවාදී අයිතියට විරුද්ධ කතාවක්. වත්මන් ව්‍යවස්ථාවේ රාමුව මත පිහිටමින් 1940, 1950, 1960 ගණන්වල අණපනත් කියෙව්වොතින් ඒ අණපනත් මේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒවා ව්‍යවස්ථා මූලධර්ම සමඟ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ රටට 1970 ගණන් වලට පෙර පැවති ව්‍යවස්ථා සම්පාදනයේ මූලධර්ම මත පදනම්වූ අලූත් ව්‍යවස්ථාවක් සකස් විය යුතුයි. එසේ කළහොත් පමණයි මේ ප‍්‍රාදේශීය පාලනය, මේ තියෙන සංස්ථා පද්ධතියේ තිබෙන හිරිවැටිලා තියෙන ගතිය නැති කරලා අලූතින් ප‍්‍රාදේශීය සංවිධාන ක‍්‍රමයක් ඇතිකර ගැනීමට හැකි වන්නේ ”

”ජනතා ප‍්‍රශ්න වලට මාධ්‍ය තුළ ඉඩක් නැහැ”

ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සංවාදයට එක්වෙමින් කියා සිටියේ ජාතික රාජ්‍යයක් යන සංකල්පය අද ලෝකය තුළ නොමැති බවය. ”අද අප ජීවත්වන්නේ ගෝලීය රාජ්‍යයක් තුළ, මේ යථාර්ථය අපට වසන් කරන්න බැහැ. නව ලිබරල් වාදය ක‍්‍රියාත්මක වන්නේ පශ්චාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවධියක” ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.

”ප‍්‍රාදේශීය පාලනය මහජනතාවට ඉතාමත් සමීප ක‍්‍රියාවලියක් වූවද ඒ සඳහා හිමිවන මාධ්‍ය අවධානය ඉතා දුර්වලයි. ප‍්‍රාදේශීය වශයෙන් ජීවත්වන ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න ගැන කථාකිරීමට ජනමාධ්‍ය තුළ ඉඩක් නැහැ. පර්යේෂණ මගින් තහවුරු වී ඇති අන්දමට අද වනවිට මෙරට ජනමාධ්‍ය දේශපාලනික වශයෙන් කේන්ද්‍රීත්වයට පත්ව හමාරයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් සංවාදයක් ඇති විය යුතුයි. ප‍්‍රාදේශීය ජනතාවට තම ආර්ථික සමාජයීය ප‍්‍රශ්න ගැන කථා කරන්න යම් වේදිකාවක් මාධ්‍ය තුළ නිර්මාණය විය යුතුයි. ඒ හරහා තමයි ප‍්‍රාදේශීය පාලනයට මහජන සහභාගීත්වය වඩාත් වැඩිකරළීමට අවශ්‍ය පියවර ගත හැකි වන්නේ” යැයි ආචාර්ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය යම්තාක් දුරට හෝ තහවුරුව තිබෙන පාලන ක‍්‍රමය වනුයේ පළාත් පාලනයයි. පළාත් පාලන පනත් අනුව මහජනතාවට ප‍්‍රාදේශීය සභාවල නගර සභාවල සභා රැුස්වීම්වලට සහභාගී වීමට සභා වාර්තාවල පිටපත් ලබාගැනීමට, අයවැය වාර්තා ලබාගැනීමට මෙන්ම ඕනෑම ව්‍යාපෘතියක තොරතුරු ලබාගැනීමේ අයිතිය හිමිව තිබෙනවා. මහජනතාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එවන් වාර්තාවල පිටපත් ලබාදීමට පළාත්පාලන ආයතන බැඳී සිටිනවා. එහෙත් අවාසනාවකට ජනතාවගෙන් බහුතරයක් මෙම අයිතිය පිළිබඳව තොරතුරු දන්නේ නෑ. පළාත්පාලන ආයතන බලධාරීන්ද, මෙම අයිතිය ජනතාවට ලබාදීමට පියවර ගන්නේ නෑ.

” මහජනතාවට තිබෙන අයිතීන් පිළිබඳව ජනතාව දැනම්වත් කරන්න අඩුම තරමින් ජනමාධ්‍යවත් උත්සාහයක් ගන්නේ් නැහැ. බරපතලම තත්ත්වය ජනමාධ්‍ය එම භූමිකාවේ නොයෙදීමයි” ආචාර්ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

විළිදු :ඪෂඛෂෘඹ* ආයතනයේ ප‍්‍රධානී හා සමාජ ක‍්‍රියාකාරිනී ශාන්තිනී සචිච්තානන්ද මහත්මිය පෙන්වා දුන්නේ අද පළාත්පාලන මැතිවරණයන්හීදි පවා වේදීකාවේදී හඬනැගෙන්නේ ප‍්‍රාදේශීය මට්ටමේ මාතෘකා නොව ජාතික තලයේ මාතෘකා බවය.

ප‍්‍රාදේශීය පාලනයේ මහජන සහභාගීත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා නැගෙනහිර පළාතේ මහජනතාව සමඟ පැවති මහජන සංවාද කිහිපයකදී ඊට සහභාගීවූවන් තමන් නියෝජනය කරනු ලබන බලප‍්‍රදේශයේ පළාත්පාලන ආයතනවල පවතින ¥ෂණ, වංචා, විනිවිදභාවය බිඳවැටීම පිළිබඳව කරුණු දක්වන්නට පටන් ගත් බව සචිච්තානන්ද මහත්මිය පෙන්වා දුන්නාය.

”පළාත්පාලන ආයතන සතුව ඉතා විශාල අරමුදල් නැහැ. නමුත් තිබෙන අරමුදල් පවා වංචා කරනවා. ඇතැම් ස්ථානවල ටෙන්ඩරයක් ලබාගැනීමේදී සෘජුවම එහි පාලකයන්ට අදාල ව්‍යාපෘති මුදලින් 15% ක් ගෙවිය යුතුයි. තවත් ස්ථානවල ටෙන්ඩර් කි‍්‍රයාත්මක කරනු ලබන්නේ පළාත්පාලන ආයතනවලම නියෝජිතයන්. ජනතාවට මීට එරෙහිව හඬක් නගන්නට හැකියාවක් නැහැ. එනිසාම ඔවුන් එම ආයතනවලින් ඈත්වෙමින් සිටිනවා” සචිච්තානන්ද මහත්මිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින්, ජනමාධ්‍යවේදීන්, වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් හා විවිධ ප‍්‍රදේශවලින් පැමිණි පුරවැසියන් රැුසැක්ද මෙම සංවාද මණ්ඩපයට සහභාගී වෙමින් විද්වත් මත පිළිබඳ අදහස් දැක්වූහ.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකියි
අවබෝධයෙන් යුත් තීරණ ගැනීමට හැකි වාතාවරණයක් ශී්‍ර ලාංකික ජනතාවට ඇතිකරලීම සඳහා විශාල කාර්යභාරයක් ගවේෂණාත්මක මාධ්‍යවේදයට සිදු කළ හැකි යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී්‍ර ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය විජය ජයතිලක මහතා පැවසීය.

ශී්‍ර ලාංකිකයන්ට මනා අවබෝධයකින් යුක්තව තීරණගැනීමට ඇති ඉඩකඩ සීමිත බවත් එයට හේතුව තොරතුරු නිසි ලෙස ඔවුන් වෙත ගලායෑමක් නොවන නිසා බවත් හෙතෙම කීය.

ගවේෂණාත්මක මාධ්‍යවේදයට අඩුව පුරවන්න හැකියාව පවතිනවා. ගවේෂණාත්මක මාධ්‍යවේදය හරහා රට තුළ සිදුවන්නාවූ බොහෝ කටයුතු පිළිබඳව සත්‍ය හා සාක්ෂි සහිත නිවැරදි තොරතුරු ජනතාව වෙත යැවිය හැකි යැයිද ඒ මහතා කීය.

විජය ජයතිලක මහතා මේ බව සඳහන් කළේ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ පුහුණුකරුවන් පුහුණුකිරීමේ වැඩමුළුවේ පළමු සැසිවාරය ආරම්භ කරමිනි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී්‍ර ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුවට විශ්ව විද්‍යාල කථීකාචාර්යවරුන්, පුහුණුකරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 23 දෙනෙකු සහභාගී වූහ.

ශී්‍ර ලංකාව තුළ ගවේෂණාත්මක මාධ්‍යවේදය ප්‍රචලිත කිරීමේ කි්‍රයාදාමයක නිරතව සිටින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී්‍ර ලංකා ආයතනය මේ වන විට ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳව ග්‍රන්ථයක්, අත්පොතක් සහ පුහුණු මොඩියුලයක් සකස් කර ඇත. එම පුහුණු මොඩියුලය හඳුන්වාදීම හා ඒ ආශි්‍රත පුහුණුකිරීමේ වැඩමුළුව පසුගිය අගෝස්තු 24 වැනිදා සිට 28 වැනිදා දක්වා වත්තල පෙගාසස් රීෆ් හෝටලයේදී පැවැත්විණි.

එහිදී ආරම්භක සැසිවාරය අමතමින් අදහස් දැක්වූ ජයතිලක මහතා ගවේෂණාත්මක මාධ්‍යවේදයට අදාළ ග්‍රන්ථය සකස් කිරීීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී්‍ර ලංකා ආයතනය වසර 02 ක කාලයක් ඉතා වෙහෙසකර වූ කි්‍රයාවලියක යෙදුණු බව සඳහන් කළේ්ය. ග්‍රන්ථය සාර්ථක කර ගැනීමට සහාය වූ මෙරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මෙන්ම එය ලියූ ඇමෙරිකානු ජාතික මහාචාර්ය රැල්ප් ප්ලැටීනෝ මහතාටද ඔහු ස්තූති කළේය.

ගවේෂණාත්මක මාධ්‍ය කලාව පිළිබඳ පුහුණුකරුවන් හරහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් මෙන්ම දැනට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිටින මාධ්‍යවේදීන්ද පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

කොරියානු විභාගයට අයදුම්කරුවන් තෝරා අවසන්
කොරියානු රැකියා සඳහා තෝරා ගැනීමට පෙර පවත්වනු ලබන කොරියන් භාෂා ප‍්‍රවීණතා විභාගයට පෙනී සිටීමට අවශ්‍ය අයදුම්පත් ලබාගැනීම සඳහා විශාල පිරිසක් ඉදිරිපත් වී ඇතත් ඒ සඳහා දේශපාලන සුදුසුකම් මත විභාගයට පෙනී සිටිය යුතු අයදුම්කරුවන් තෝරා නිම කොට ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පසුගිය 8 වැනි දින සිට කොළඹ හා රට පුරා පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලවලදී අදාල අයදුම්පත් නිකුත් කල අතර කොළඹදී අයදුම්පත් ලබාගැනීම සඳහා රටපුරා ප‍්‍රදේශවලින් පැමිණි පිරිස් සාධාරණය පතා ඇති කරන ලද නොසන්සුන්තාව නිසා ඊට පොලීසියෙන්ද මැදිහත් වූ අතර කාර්යාංශයෙන් පැමිණ සිටියේ නිළධාරීන් තිදෙනෙක් පමණක් බවද සඳහන්ය.

මෙම විභාගයට පෙනී සිටීම සඳහා රුපියල් 2600 මුදලක් තැන්පත් කල යුතු අතර කොරියානු රැකියා 15,000 ක් සඳහා කොරියාවෙන් මෙරටට යොමු කොට ඇති නීත්‍යානුකූල අයදුම්පත් 45,000ක ප‍්‍රමාණයට අමතරව අයදුම්පත් 100,000 පමණ මෙරටදී මුද්‍රණය කර ඇතැයිද දැනගන්නට ලැබේ.

කොරියානු රැකියා සඳහා මින් පෙර තෝරාගත් පිරිසෙන් බහුතරයක්ම රජයේ මැති ඇමතිවරුන්ගේ අනුග‍්‍රහය ලබාගත් පිරිස් බවද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/news/20033/

ආසියානු චෞර රාජ්‍ය තරගාවලිය
අල්ලස්‌ කොමිසම දත් නැති කොටියකු හා සමාන බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කියයි.

දූෂණ හා වංචා පිළිබඳව හෙළිදරව් කිරීම සඳහා ඇති කරන ලද වෙබ් අඩවියක්‌ විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමින් ඒ බව සඳහන් කළ හිටපු අගවිනිසුරුතුමා 1954 දී ස්‌ථාපනය කෙරුණු අල්ලස්‌ පනත සංශෝධනය විය යුතු බව ද පෙන්වා දෙයි.

අල්ලස්‌ කොමිසම ලෙස අප කෙටියෙන් දන්නා, අල්ලස්‌ හෝ දූෂණ හෝ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම පිණිස, දැනට මේ රටේ ඇති ආයතනය හුළං ගිය ටයරයක තත්ත්වයට පත්ව ඇත. හුළං ගැසුවොත් මේ ටයරයෙන් ප්‍රයෝජන ගත හැකි අතර, ආණ්‌ඩුව ටයරයට හුළං ගැසීම සඳහා උනන්දු වන බවක්‌ නොපෙනේ. අල්ලස්‌ හෝ දූෂණ හෝ පිළිබඳ පරීක්‍ෂණ කොමිසම ක්‍රියාත්මක වූ කාලයකුත් මේ රටේ තිබිණ. අනතුරුව කොමිසමේ ප්‍රධානියාගේ හෝ සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වීමෙන් පසු කොමිසම අඩාල විය. කොමිසමට ඒ පිරිස ලැබෙන විට වැටලීම් කටයුතු සඳහා පොලිස්‌ රාළහාමිලා අඩු වීමෙන් කොමිසම යළි අඩාල විය. රාළහාමිලා ලැබෙන විට තවත් කුමක්‌ හෝ මදිපාඩු වීමෙන් කොමිසම යළි අඩාල විය. මේ නිසා දැන් සිදු කළ යුතුව ඇත්තේ මෙකී කොමිසම මෙසේ අඩාල වීමට හේතු සෙවීම සඳහා කොමිසමක්‌ පත් කිරීම ය.

හිටපු අගවිනිසුරු විසින් සිය කතාවේදී මතු කරන ලද වැදගත් කරුණු දෙකක්‌ මෙසේ ය:

1. කිසියම් පුද්ගලයකුට එරෙහිව අල්ලස්‌ කොමිසමට පැමිණිලි කරන කෙනකු එම පැමිණිල්ල ඔප්පු කිරීමට අසමත් වුවහොත් වසර දහයකට නො අඩු සිර දඬුවමකට යටත් වීමට සූදානම් විය යුතුය.

2. අල්ලස්‌ දැලට හසුවන්නේ පොලිස්‌ රාළහාමිලා, ග්‍රාම සේවකලා, ආණ්‌ඩුවේ පියන්ලා වැනි සුළු මුලාදැනින් පමණි.

3. 1977 විවෘත ආර්ථික සංකල්පය යටතේ රටපුරා පැතිර ගිය දූෂණයට හා වංචාවට දායක වී අල්ලස්‌ ගෙන උසාවියෙන් වරද කරුවන් වූ සමහරුන්ට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා සමාව දුන්නේය.

4. 1970 දී බලයට පත් වූ සමඟි පෙරමුණු රජය පගා කාරයන්ට එරෙහිව නීතිය හරියටම ක්‍රියාවේ යෙදවී ය.

අල්ලස්‌ චෝදනාවන් ඔප්පු කිරීමට අසමත් වන්නා දහ අවුරුද්දකට දඟ ගෙට යෑවීම යනු ස්‌ත්‍රී දූෂණ නඩුවක පැමිණිලිකාරියත් නඩුව ඇසූ නඩුකාරයාත් යන දෙදෙනාම එල්ලුම් ගස්‌ යවා විත්තිකාර දූෂකයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්කමට පත්කළා හා සමාන වැඩකි. පැමිණිලිකාරයකුගෙන් පාන් කාලක්‌ කා ප්ලේන්ටියක්‌ බොන දුප්පත් අසරණ පොලිස්‌ රාළහාමිලාත් බුලත් විටක්‌ පගාව ලෙස ගන්නා පියුන්ලාත් වැලිකඩ යකඩ කූරු ගණින අවස්‌ථා ඕනෑ තරම් තිබේ. හොරුන් නිදහස්‌ කිරීමේ නරක පුරුද්ද ඡේ. ආර්. ඇති කළත් ඉන් පසු බලයට පත් වූ කිසිදු ආණ්‌ඩුවක්‌ මේ නරක පුරුද්ද නැති කිරීමට උත්සාහ කළේ නැත. මෙය සාමාන්‍ය තත්ත්වයකි. අලුතින් බලයට පත් වන හැම ආණ්‌ඩුවක්‌ම උත්සාහ කරන්නේ කලින් පැවැති ආණ්‌ඩුව සොරකම් කළ ආකාරය අධ්‍යයනය කර තවත් හොඳට සොරකම් කිරීම ය. එහෙත් 1977 න් පටන් ගත් වැරදි සියල්ලටම ඡේ. ආර්. ජයවර්ධන පමණක්‌ම වගකිව යුතු නැත. ජේ. ආර්. එම ගමන ආවේ ඊට කලින් සිටි සමඟි පෙරමුණ රජය ඉතා භයානක ලෙස පිරිහී සිටි බැවිනි. එහෙත් පුදුමයකට මෙන් ඒ රජය යටතේ ක්‍රියාත්මක වූ අල්ලස්‌ දෙපාර්තමේන්තුව ලාභ අලාභ, උස්‌ මිටි කම් නොබලා පගා කාරයන්, අල්ලන්නට පටන් ගත්තේය. එකල සිටි දක්‍ෂ අල්ලස්‌ කොමසාරිස්‌ අල්ලස්‌ වැටලීම් සඳහා තෙමේම සහභාගි විය.

අල්ලස යනු අද වන විට මුළු ලෝකය පුරාම පැතිර ගිය සාමාන්‍ය ආදායම් මාර්ගයකි. උප්පැන්න සහතිකයක පිටපතක්‌ ගැනීමේදී සිට ටෙන්ඩරයක්‌ ගැනීම දක්‌වා වූ සියලු කටයුතු වෙනුවෙන් අල්ලස්‌ ගැනීමටත් දීමටත් මිනිස්‌සු කැමැත්තෙන් සිටිති. මෙය පිරිහුණු ධනවාදී ආර්ථික ක්‍රමයක්‌ තුළ දැකිය හැකි බෙදාගෙන කෑමේ න්‍යායය යි. ආසියානු චෞර රාජ්‍ය තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට තවමත් එතරම් තැනක්‌ නැත. එහෙත් මේ රට ඒ අංශයෙන් කුසලාන දිනන කාලය ඒ තරම් දුර නැත.

දිවයින

අල්ලස්‌ පනත සංශෝධනය කළේ කවුරු රැකීමටද?
1954 අල්ලස්‌ පනත සංශෝධනය කිරීම නිසා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා පරීක්‍ෂා කිරීම පිළිබඳ කොමිෂන් සභාව බල රහිත ආයතනයක්‌ වී ඇත. ඊට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමේ බලය නැති බවද හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා සඳහන් කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අල්ලස්‌ විරෝධී වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයේදීය. විධිමත් පැමිණිල්ලක්‌ ලැබෙන තෙක්‌ බලා සිටීමට දැන් කොමිෂන් සභාවට සිදුවන බව ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

මෙම සංශෝධනය නිසා යම් පුද්ගලයකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක්‌ ඔප්පු නොවුණහොත් වසර 10 කට අඩුනොවන සිරදඬුවමකට යටත්වීමේ අවදානමකට මුහුණපෑමට සිදුවනු ඇත.

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ පෙරදී මෙන් අල්ලස්‌ කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට ජනතාව මැලිකමක්‌ දැක්‌වීමයි. දැනටත් මෙම කොමිසමට පැමිණිලි නොලැබෙන තරම්ය. කෝටි ගණන් වලින් අල්ලස්‌ ගන්නා පුද්ගලයන් බේරී යන අතර පොලිස්‌ කොස්‌තාපල්වරු, ග්‍රාම සේවා නිලධාරීන් වැනි නිලධාරීන් හසුවන බවද හිටපු අගවිනිසුරු වරයා සඳහන් කළේය.

1977 වසරේදී විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ අල්ලස්‌ හා දූෂණ පැතිර ගිය බවත් අධිකරණයෙන් වැරදිකරුවන් වූ එවැනි පුද්ගලයන්ට සමාවදීමෙන් ඡේ. ආර්. ජයවර්ධන මහතා නරක පූර්වාදර්ශයක්‌ ලබාදුන් බවද සරත් එන්. සිල්වා මහතා සඳහන් කළේය.

අල්ලස්‌ ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු වී බන්ධනාගාර ගතකළ එක්‌තරා බැංකුවක ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ජනාධිපති සමාව ලබාදුන් බවද සඳහන් කළේය. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වාදීමට පළමුව අල්ලස්‌ සහ දූෂණ සිදුවූයේ අල්ප වශයෙන්.

අල්ලස්‌ සහ දූෂණ පනත අකුරටම ක්‍රියාත්මක කිරීම ගැන හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ ෆිලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතාට ප්‍රශංසා කළේය.

අල්ලස්‌ හා දූෂණය තුරන් කිරීමට සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය ගත් ක්‍රියා මාර්ග ගැනද ඒ මහතා ප්‍රශංසා කළේය.

ජාත්‍යන්තර නාවික සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල නොවන හම්බන්තොට වරාය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු වර්තමාන රජය විවේචනය කළ අතර රජය කර ඇත්තේ වළක්‌ හාරා එහි වරායක්‌ සෑදීම බවද සඳහන් කළේය.

මීටර 35 ට අඩු ගැඹුරක්‌ ඇති වරායක්‌ ලොයිඩ් ආයතනය ලියාපදිංචි නොකරන බව සඳහන් කළ ඒ මහතා හම්බන්තොට වරායේ ගැඹුර මීටර 20 ක්‌ බවද සඳහන් කළේය. එහි ඇති ගල පුපුරුවා දැමීමට යන වියදමින් පාසල් ගණනාවක්‌ ඉදිකිරීමට හැකියාව තිබී බවද ඒ මහතා සඳහන් කළේය.

දිවයින

රේගුවේ ඇස් වසා සිමෙන්ති තොගය පැන්නුවේ කොහොමද? – විශේෂ පරීක්ෂණයක්
ප්‍රමිති සහතිකයක් ලබා නොගත් සිමෙන්ති වෙළෙඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික සමූපකාර මණ්ඩලය පකිස්තානයෙන් ආනයනය කළ සිමෙන්ති තොගයක් ජාතික සමුපකාර මණ්ඩල ගබඩා සඳහා ශ්‍රී ලංකා රේගුව නිකුත් කර ඇතත් ප්‍රමිති සහතිකය නොමැතිව වෙළෙඳ පොළට නිකුත් කිරීමට අවසර ලබා දී නැත.

ප්‍රමිති සහතිකය ලබාගැනීමට සිමෙන්ති සාම්පල ඉදිරිපත් කර තිබිය දී සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රේගුව පරීක්ෂණ පවත්වන අතර වෙළදපොළේ තිබෙන්නේ එම සිමෙන්තිම දැයි සොයා බැලීමට ද  ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ වන විටත් කිහිප දෙනකුගෙන් කට උත්තර ලබාගෙන ඇතැයි ද ලංකා රේගුව අවසර ලබා නොදුන් සිමෙන්ති වෙළෙඳපොළට නිකුත් කර ඇත්නම් ඒ සම්බන්ධව රේගු ආඥාපනතට අනුව නීතිමය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව උසස් නිලධාරියකු පැවැසීය.

දිණමිණ

බාල පෙට්‍රල් ගෙන්වීම ගැන අල්ලස්‌ කොමිසමට පැමිණිල්ලක්‌!
බාල පෙට්‍රල් ගෙන්වීම සම්බන්ධව වහා පරීක්‍ෂණයක්‌ කරන මෙන් ඉල්ලමින් අල්ලස්‌ හා දූෂණ කොමිසමට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇත. මෙම පැමිණිල්ල අද පෙ.ව. 10.00 ට අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට භාරදීමට නියමිතය.

දිවයින